හුම්මානය...
දකුණු වෙරලේ පිහිටි ස්වභාව ධර්මයා විසින් කරන ලද අපුරු නිර්මාණයක් ලෙස හුම්මානය සදහන් කල හැකිය. හුම්මානයට දකුනේ බස් වහරෙන් “ කරිජ්ජමාලාව ” කියා ද හදුන්වයි. මාතර – හම්බන්තොට මාර්ගයේ 184 කි.මි කනුව අයත් වන්නේ නාකුළුගමුවටයි. නාකුළුගමුවෙන් හැරී වෙරල තීරයට පිවිසිමට ප්රධාන මාර්ගයෙන්හැරී කි.මි1.5 පමන දුර ගෙවන විට කුඩා වැල්ල - වැලි කැලේ වෙරළ තීරයේ කදු ගැටයක් මත මෙම අපුරු හුම්මානය පිහිටා තිබේ. මුහුදු රැල්ලේ පීඩනයත් සමග විහිදී යාමට පෙර එක දිගට “ හුම්” ලෙසින් මුමනන හඩක් පිට කරනා බැවින් හුම්-ගාන ය හුම්මානය වු බවකි. අපේ රටේ ඇති මෙම හුම්මානය ලෝකයේ වෙනත් රටවල ඇති හුම්මාන හය අතරින් විශාලත්වයෙන් දෙවන තැන ගනී.නිරිත දිග මෝසම් වාරකන් සමයේ මුහුදු රල වේගවත්වු විට හුම්මානය වඩාත් ක්රීයාශීලි වි අඩි 40-50 පමන උසට අහස දෙසට ජල මලක්ව විහිදී යන අයුරු දක්නට ලැබීම අසිරියකි. හුම්මානය අසලදී කෑ ගැසීම, හූ කීම හුම් හඩට සමාන ශබ්ද නැගීම අත්පුඩි තැලීම හුම්මානයේ ක්රීයාකාරිත්වය ඉහල නැංවීමට හේතුවන බව ගැමියන් අතර මතයක් පවතී.මෙහි ක්රියාවලිය සිදුවන්නේ මුහුදු ජල තරංග වේගයෙන් හුම්මානය තුළට ඇතුළු වී එහි ඇති කළුගල්වලින් සෑදුණු සිදුරකින් ඉහළට විදීම මගිනි.
Comments
Post a Comment
Enter Your Comment