Skip to main content

දකුණු පළාතේ සංචාරක තෝතැන්න

කන්නෙලිය වන රක්ෂිතය.



ශ්‍රී ලංකාව ජෛව විවිධත්වය අතින් ඉතා පොහොසත් රටකි. මේ රට තුලද කුඩා බිම්කඩක් තුල වැඩිම  ජෛව විවිධත්වයක් දැකිය හැකි ප්‍රදේශ අතරින්  කන්නෙලිය  රක්ෂිතය පෙන්වා දිය හැකිය.කන්නෙලිය, මිනිසා හා ජෛවගෝල සංචිතයක් (Man & Biosphere Reserve) ලෙස යුනෙස්කෝව විසින් 2004 වසරේදී නම්කොට තිබෙන හෙක්ටෙයාර් 10,857 ක් වන  කන්නෙලිය-දෙදියගල-නාකියාදෙනිය (KDN) වනාන්තර සංකීර්ණයේ විශාලතම (හෙක්ටෙයාර් 5,305.9) හා සංචාරකයන්ගේ වැඩිම අවධානයට ලක්ව ඇති වනාන්තරයක් ලෙස පෙන්වා දිය හැකිය.ඒ අනුව 

කන්නෙලිය වැසි වනාන්තරය යනු ලංකාවේ පොහොසත් ජෛව විවිධත්වය සහ අද්විතීය පරිසර පද්ධති සඳහා ප්‍රසිද්ධ ශ්‍රී ලංකාවේ ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි නිවර්තන වැසි වනාන්තරයකි.  එය පොහොසත් ජෛව විවිධත්වය සහ අද්විතීය ශාක හා සත්ත්ව විශේෂ සඳහා ප්‍රසිද්ධය.  වැසි වනාන්තරය ස්වභාවධර්මයට ආදරය කරන්නන්, කඳු නගින්නන් සහ පක්ෂි නිරීක්ෂකයින් සඳහා ජනප්‍රිය  ගමනාන්තයකි.  මෙම කලාපයේ පමණක් දක්නට ලැබෙන ආවේණික විශේෂ ඇතුළු විවිධ ශාක හා සත්ව විශේෂවල නිවහන වේ.   ශාක වර්ගවල විවිධත්වය අතින් දකුණු ආසියාවේ ඇති වැදගත්ම වනාන්තරයක් ලෙස මේ වනය ගණන් ගැනේ. 300 කට අධික ශාඛ වර්ග මෙහි තිබෙන බව ගණන් බලා ඇත.  ඉන් 52% පමණ ලංකාවට ආවේනික ඒවාය. විශේෂ 26 ක් අප රටෙන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති අතර 15 ක් ලෝකයෙන්ම වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ඒවාය. 


    වල් දූරියන්


    වල්ල පට්ට


නෙරු ස්ථරය, වියන් ස්ථරය, උප වියන් ස්ථරය පඳුරු ස්ථරය,  සහ යටිගොන්න යනුවෙන් ස්ථර කීපයක් ලෙස කැපී පෙනෙන ආකාරයේ වන වැස්මක් මෙහිදී දැකගත හැකිය.  එමෙන්ම මෙහි, මෙහිදී දක්නට ලැබෙන හොර හල්, ගල් වෙරළු,  ආරිද්ද, දොරණ, කැකුණ, කටමොද, මඩොල්, දොඹ,  කීණ, බදුල්ල, බෙරලිය, ඇටඹ ආදිය ලංකාවට ආවේනික ශාඛ වර්ගයි.


    බාඳුරා වැල්

එමෙන්ම වෙනිවැල් , වේවැල්, කුකුලු වැල්, තම්බොටු වැල් , කලවැල්,  හිඹුටු වැල් ආදී  ආරෝහක ශාකද, අපිශාක, උඩවැඩියා සහ මීවන, දිය පහරවල් ආශ්‍රිතව කෙකටිය, කෙටල  ආදී නොයෙක් ශාක විශේෂ ද ඇත.

    වන රාජ  

කන්නෙලිය වනය ලංකාවට ආවේනික සත්ව විශේෂ 41 ක් ඇතුළු සත්ව විශේස 220 කට පමණ නිවහන වී ඇත.ලංකාවට ආවේනික පක්ෂි විශේෂ 23 න්  14 ක්ම ඇතුළු පක්ෂි වර්ග 120 ක් පමණ මෙහිදී හමුව ඇත. ශ්‍රී  ලංකා හබන් කුකුළා ශ්‍රී ලංකා වලි කුකුළා  ශ්‍රී  ලංකා අළු කෑදැත්තා වත රතු මල් කොහා හොට රතු දෙමලිච්චා කැහිබෙල්ලා ලංකා බට ඇටිකුකුළා  වත සුදු ශරිකාවා පිට තඹල වන බස්සා අළු ගිරවා ආදීන් ඒ අතර වේ.

 සංචාරකයින්ට ගවේෂණය කිරීමට සහ විනෝද වීමට කඳු නැගීමේ මංපෙත්, දිය ඇලි සහ ස්වභාවික තටාක කිහිපයක් ද වැසි වනාන්තරයේ ඇත.  දකුණු පළාතේ ප්‍රධාන ගංගා දෙකක් වන ගිං හා නිල්වලා ගංගාවලට ජලය සපයන කුඩා ඇල මාර්ග 110 කට වැඩි ගණනක් මෙහි ඇති බව සොයාගෙන ඇත.


    තිරුවානා දොළ ඇල්ල

උෂ්ණත්වය දල වශයෙන්  සෙල්සියස් අංශක 27 කි. මුහුදු මට්ටමේ සිට උස මීටර් 60 – 425 අතර වන කඳු වැටි, නිම්න සහ අඩු උසකින් යුක්ත හුදෙකලා කඳු වලින් කන්නෙලිය වනය සමන්විත වේ.මෙම වටිනා ස්වභාවික වාසස්ථානය ආරක්ෂා කිරීම සහ තිරසාර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා සංරක්ෂණ ප්‍රයත්නයන් ක්‍රියාත්මක වෙමින් පවතී.  කන්නෙලිය වැසි වනාන්තරය ගවේෂණය කිරීම ස්වභාවධර්මය සමඟ සම්බන්ධ වීමට සහ අනාගත පරම්පරාව සඳහා අපගේ පරිසරය සුරැකීමේ වැදගත්කම අගය කිරීමට ආකර්ෂණීය අවස්ථාවක් ලබා දෙයි.


මල්ෂනී රණසිංහ ✍️

Comments

Popular posts from this blog

දකුණු පළාතේ සංචාරක තෝතැන්න

ගාලු කොටුව...  ගාලු කොටුව යනු ශ්‍රී ලංකාවේ ගාල්ල නගරයේ පිහිටි ඓතිහාසික බලකොටුවකි. එය 16 වන සියවසේ අගභාගයේදී පෘතුගීසීන් විසින් ඉදිකරන ලද අතර පසුව 17 වන සියවසේදී ලන්දේසීන් විසින් පුළුල් කරන ලදී. බලකොටුව ඉන්දියන් සාගරයට ඉහළින් පිහිටි කඳු මුදුනක පිහිටා ඇති අතර එය මුලින් ඉදිකරන ලද්දේ ආක්‍රමණ වලින් නගරය ආරක්ෂා කිරීම සඳහා ය.   ගාලු කොටුවේ ඉතිහාසය පෘතුගීසීන් ලංකාවට පැමිණි 1588 දක්වා දිව යයි. ඔවුන් ගාල්ලේ වෙළඳ මධ්‍යස්ථානයක් පිහිටුවා කුඩා බලකොටුවක් ඉදිකිරීමට පටන් ගත්හ. කෙසේ වෙතත්, 1640 දී ඕලන්ද පෙරදිග ඉන්දියා සමාගම පෘතුගීසීන්ගෙන් ගාල්ල අල්ලාගෙන කොටුවේ පාලනය සියතට ගත්තේය. ලන්දේසීන් බලකොටුවෙහි සැලකිය යුතු වැඩිදියුණු කිරීම් සිදු කළ අතර, එහි ආරක්ෂක ශක්තිමත් කිරීම සහ එහි විශාලත්වය පුළුල් කරන ලදී.   බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදී ගාලු කොටුව වැදගත් උපායමාර්ගික ස්ථානයක් ලෙස දිගටම සේවය කළේය. බ්‍රිතාන්‍යයන් බලකොටුවේ තවත් වෙනස් කිරීම් සිදු කර එය පරිපාලන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කළහ. කෙසේ වෙතත්, කොළඹ නව වරායක් ඉදිකිරීමත් සමඟ වරායක් ලෙස ගාල්ලේ වැදගත්කම අඩු වූ අතර, කොටුව ක්‍රමයෙන් භාවිතයට ...

දකුණු පළාතේ සංචාරක තෝතැන්න

 රූමස්සල ගාල්ල සිට මාතර දෙසට කිලෝමීටර් දෙකක් පමණ දුර ගෙවා ගිය විට ස්වභාව සෞන්දර්යයෙන් අනූන සිතුවමක් බඳු කඳුවැටියක් හමුවේ. ලොව වෙනත් කිසිදු පරිසර පද්ධතියක් හා සම කළ නොහැකි අමුතුම ආකාරයේ පරිසර පද්ධතියකින් හෙබි මෙම කඳුවැටිය රූමස්සලයි. රූමස්සල කඳුවැටිය හබරාදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උණවටුන නැගෙනහිර, උණවටුන මධ්‍යම, උණවටුන බටහිර හා යද්දෙහිමුල්ල යන ග්‍රාමසේවා වසම්වලට අයත් වේ. රූමස්සල ක්‍රි.පූ. 3000 තරම් ඈතට දිවයන්නකි. ජනප්‍රවාදගත වඳුරු දෙවියන් වන හනුමාන් විසින් රූමස්සල ඔසවා ලංකාවට ගෙන ආ බව කියනු ලැබේ.  හින්දු වීර කාව්‍යයක් වන රාමායණයට අනුව, රාම දෙවියන්ගේ හමුදාව සහ රාවණා යක්ෂ රජු අතර ඇති වූ සටනේදී තුවාල ලැබූ සොල්දාදුවන් පණ ගැන්වීම සඳහා ජීවිතාරක්ෂක ඔසු වන සංජීවනී රැගෙන ඒම සඳහා හනුමාන් හිමාලයට යවන ලදී.  නියම ඔසු හඳුනා ගැනීමට නොහැකි වූ හනුමාන් කන්දේ කොටසක් උදුරා ලංකාවට ගෙන ගියේය.  ඔහු යන අතරමගදී, කන්දේ කොටසක් මුහුදට වැටී, ශ්‍රී ලංකාවේ ගාල්ලේ රූමස්සල හෝ රූමස්සල කන්ද ලෙස වර්තමානයේ හඳුන්වනු ලැබේ.  පුරාවෘත්තය රූමස්සල නිර්මාණයට අද්භූත හා දිව්‍යමය ස්පර්ශයක් එක් කරන අතර, එහි ...