කන්නෙලිය වන රක්ෂිතය. ශ්‍රී ලංකාව ජෛව විවිධත්වය අතින් ඉතා පොහොසත් රටකි. මේ රට තුලද කුඩා බිම්කඩක් තුල වැඩිම ජෛව විවිධත්වයක් දැකිය හැකි ප්‍රදේශ අතරින් කන්නෙලිය රක්ෂිතය පෙන්වා දිය හැකිය.කන්නෙලිය, මිනිසා හා ජෛවගෝල සංචිතයක් (Man & Biosphere Reserve) ලෙස යුනෙස්කෝව විසින් 2004 වසරේදී නම්කොට තිබෙන හෙක්ටෙයාර් 10,857 ක් වන කන්නෙලිය-දෙදියගල-නාකියාදෙනිය (KDN) වනාන්තර සංකීර්ණයේ විශාලතම (හෙක්ටෙයාර් 5,305.9) හා සංචාරකයන්ගේ වැඩිම අවධානයට ලක්ව ඇති වනාන්තරයක් ලෙස පෙන්වා දිය හැකිය.ඒ අනුව කන්නෙලිය වැසි වනාන්තරය යනු ලංකාවේ පොහොසත් ජෛව විවිධත්වය සහ අද්විතීය පරිසර පද්ධති සඳහා ප්‍රසිද්ධ ශ්‍රී ලංකාවේ ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි නිවර්තන වැසි වනාන්තරයකි . එය පොහොසත් ජෛව විවිධත්වය සහ අද්විතීය ශාක හා සත්ත්ව විශේෂ සඳහා ප්‍රසිද්ධය. වැසි වනාන්තරය ස්වභාවධර්මයට ආදරය කරන්නන්, කඳු නගින්නන් සහ පක්ෂි නිරීක්ෂකයින් සඳහා ජනප්‍රිය ගමනාන්තයකි. මෙම කලාපයේ පමණක් දක්නට ලැබෙන ආවේණික විශේෂ ඇතුළු විවිධ ශාක හා සත්ව විශේෂවල නිවහන වේ. ශාක වර්ගවල විවිධත්වය අතින් දකුණු ආස...
දකුණු පළාතේ සංචාරක තෝතැන්න